nsb
Sathosa

Oct 10, 2018

සීයලා හතරක් දැරියකට හදි කරයි

කුරුවිට, පොහොරබාවේ පදිංචි වයස අවුරුදු 11ක පාසල් දැරියක් වයස්ගත පුද්ගලයන් හතරදෙනකු විසින් කාලයක් තිස්සේ අපයෝජනයට ලක් කර ඇති බවත් මේ වන විට ඊට සම්බන්ධ දෙදෙනකු කුරුවිට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ (09) රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් කුරුවිට පොලිසිය පවසයි.

මේ තොරතුරු හෙළි වී ඇත්තේ එම දැරිය පාසලේදී අසනීප තත්ත්වයට පත්වුණු අවස්ථාවකදී පන්ති භාර ගුරුවරිය විසින් එම දැරියගෙන් තොරතුරු විමසද්දීය. ඇය එහිදී සියලු විස්තර පැවැසීමෙන් අනාවරණය වී ඇත්තේ කාලයක් තිස්සේ මෙම දැරියට ටොෆි, චොකලට්, කෑම වර්ග ලබාදී මෙම අතවර කර ඇති බවයි.

අපයෝජනයට පත් මෙම දැරියගේ මවුපියන් කුලී වැඩ කරමින් ජීවත් වන අය බවත් දෙදෙනාම මේ දැරියට කිසිම ආරක්ෂාවක් ලබාදී නැති බවත් එම ප්‍රදේශයේ පදිංචි අයකු පවසා සිටියේය.

සමහර දිනවලට මේ දැරිය පාසල් ගොස් නිවෙසට එන විට සවස 5, 6 වන නමුත් ඒ පිළිබඳවද මවුපියන් සොයා බලා නොමැති අතර මෙම දැරියගේ පියාද නිතර නිතර සුරා පානය කරන මත් ලෝලියෙක් බවද ඔහු පැවැසීය.

කුරුවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ඒ.පී.ඒ. කුලතුංග මහතාගෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ මෙම සිද්ධියට අදාළ වයස අවුරුදු 60-70 වයසේ පසුවන වයසක පුද්ගලයන් දෙදෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අතවරයට පත් එම දැරිය මේ වන විට පරිවාස භාරයට පත් කර ඇති අර කුරුවිට පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top