Oct 10, 2018

ජනපති ආරක්ෂක තොරතුරු 'ඊ නිව්ස්'හි පළ කිරීම ගැන විමර්ශනයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 73 වන සමුලූව ඇමතීමට විදේශ ගතවූ අවස්ථාවේදී එරට රැදී සිටි හෝටලයේ විස්තර ඇතුලූ සංවේදී සහ අධි ආරක්ෂිත තොරතුරු පෞද්ගලික වෙබ් අඩවියක පළ කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට ‍රහස් පොලිසිය ඊයේ (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත කරුණු වාර්තා කළේය.

ඒවා කවර ආකාරයෙන් අන්තර්ජාලයට ප්‍රවිශ්ඨ වූවාද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ජනාධිපති ආරක්ෂක අංශයේ නියෝජ්‍ය පොලිස් පති රොහාන් සිල්වා මහතා රහස් පොලිසයේ පරිගණක අංශය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇත.

ජනාධිපතිවරයා ඉකුත් 25 වන දින අමෙරිකාව බලා පිටත්වීමට පෙර 22 වැනි දින රාත්‍රියේ රාජ්‍ය බුද්ධි තොරතුරු වාර්තාවක් කැඳවා ඇති බවත් එහිදි ද්‍රවිඩ ඊලාම් සංවිධානයේ ඊලාම් අගමැති කියනු ලබන රුද්‍ර කුමාර් විසින් සමුළුව පවත්වන ගොඩනැගිලි අවට උද්ඝෝෂණයක් පැවැත්විමට සංවිධානය කර ඇති බවට හා 23 වන දින අමෙරිකාවේ ලැඟුම් ගන්නා පාක් ඇවනියු හෝටලය සම්බන්ධ තොරතුරු මෙන්ම ලංකා දුත පිරිස ගුවන් යානාවේ ගමන් ගන්නා ඡායාරූප, නවාතැන් කාමර ඇතුළු තොරතුරු 'ලංකා ඊ නිවුස්' වෙබ් අඩවියේ පළ කර ඇති බවට රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

තවද දෝහා කටාර් ගුවන් තොටුපළේ දී සැකකරුවකු නිරීක්ෂණය වු බවත් ජනිත් විජේනායක මලිත ඉසුරු යන අයගේ ප්‍රකාශයක් ද ආරක්ෂක අංශ ලබා ගෙන ඇති අතර ඔහු සතු ජංගම දුරකථනයද ආරක්ෂක අංශ ලබාගෙන විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

පරිගණක පනතේ 26 වගන්ති ප්‍රකාර සංවේදි අධි ආරක්ෂිත තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවට රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු දක්වා සිටියේය.

සබැඳි පුවත් :
ජනපතිගේ රහස් තොරතුරු 'ඊ නිව්ස්' එකට දුන් ඇමති ගෝලයා ?

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top