Sathosa

Oct 10, 2018

''බැසිල් ඕනෑම ආණ්ඩුවක සිටිය යුතු දක්ෂයෙක්'' - මංගල ගෙන් සහතිකයක් Featured

ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඕනෑම ආණ්ඩුවක සිටියයුතු දක්ෂ දේශපාලනඥයකු බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (09) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයේදී ඇමතිවරයා එබව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් 'ලංකාදීප' පුවත්පතට කර තිබු ප්‍රකාශයක් උපුටා දක්වමිනි.

'ලංකාදීප' පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතා සමග කල සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කර තිබිණ.

''මේ ආර්ථිකයේ අර්බුදයට ප්‍රධාන කරුණු 2 ක් බලපෑවා. ඒක තමයි දේශීය වශයෙන් ඇතිවන තත්ත්වයත්, විදේශීය වශයෙන් ඇතිවන තත්ත්වයත්...

මම කියන්නේ නෑ දැන් මේ තියෙන අර්බුදය නිකම්ම ආවා කියලා. තෙල් බැරලය වැඩිවෙලා තියෙනවා. ඒවා ආණ්ඩුවකට පාලනය කළ නොහැකි දේවල්''

Gota 670px 18 07 18 'ජනාධිපති අපේක්‍ෂකයා විය යුත්තේ බැසිල් ' - ගෝඨාභය රාජපක්ෂ

මේ අතර ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (09) ප්‍රකාශකර සිටියේ, ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සුදුසුම පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බවයි.

ඔහු ඒ බව කියා සිටියේ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ පැවති නඩු විභාගයට සහභාගි වීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top