Sathosa

Oct 11, 2018

ප්‍රභාකරන්ගේ රාජකීය දොස්තර මියයයි

හිටපු එල්.ටී.ටී.ඊ.නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ඔහුගේ පවුලේ උදවියට හා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බොහෝ පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් කනකසුන්දරම් මයිලේරුම්පෙරුමාල් වෛද්‍යවරයා 9 දා යාපනයේ වැල්වෙටිතුරෙයි පිහිටි ඔහුගේ නිවසේදී මියගොස්‌ තිබේ.

1997 සිට 2013 දක්‌වා කාලය තුළ ඔහු කිළිනොච්චියේ සේවයේ නියුතු වූ අතර ඊට පෙර යාපනයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කොට තිබේ. ප්‍රභාකරන්ගේ උපන්ගම වූ වැල්වෙටිතුරේ ගම්මානය මේ වෛද්‍යවරයාගේ ද උපන් ගම වන අතර ප්‍රභාකරන්ගේ පවුලේ උදවිය සමග මොහු ඉතා සමීප වෛද්‍යවරයෙකු වීම නිසා ඔහුගේ සේවය එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී නායකයා විසින් ද ලබාගෙන තිබේ.

වරක්‌ ප්‍රභාකරන් විසින් රාජකීය වෛද්‍යවරයා වශයෙන් මොහුව හඳුන්වා මොහුට පදක්‌කම් පිරිනැමීමක්‌ ද සිදු කොට තිබේ.

මියගිය වෛද්‍යවරයාගේ දේහයට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් යන අය ද අවසන් ගෞරව දක්‌වා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top