Pasidol

Sathosa

Oct 11, 2018

වාහන අංගනයටත් දොස්තරලා ඇනගනී - කරාපිටියේ වර්ජනයක්

ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් දෙපිරිසක් අතර වාහන නැවැත්වීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් ඊයේ (10) උදෑසන සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් සිය සේවාවලින් ඉවත් ව ඇත.

වෛද්‍යවරුන් ගේ ආරක්‍ෂාව තහවුරු කරන තුරු සිය රාජකාරිවලින් තාවකාලිකව ඉවත් වී සිටින බව ගාල්ල කරාපිටිය රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය මංජුල සොයිසා මහතා මේ සම්බන්ධයෙන් විමසීමේ දී පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය මංජුල සොයිසා මහතා,

"උදේ 7.55 ට පමණ වෛද්‍යවරුන් කීප දෙනෙක් රෝහල පිටුපස ඇති වාහන නැවතුමේ සිය වාහනය ගාල් කිරීමට ගිය අවස්ථාවේ දී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු පැමිණ අදාළ වෛද්‍යවරයාට තර්ජනය කර තිබෙනවා. ඔහු වාහනය නැවැත්වූ පසු ඔහුගේ රියැදුරු අසුන අසල දොර විවෘත කර මේ ස්ථානයේ වාහන නැවැත්විය හැක්කේ විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් බවත් වහාම මෙයින් පිටවන ලෙසත් තර්ජනය කර දොර වේගයෙන් වසා තිබෙනවා".

"ඒ අනුව අදාළ වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් මා දැනුවත් කළා. පසුව ඔහු එතනින් පැමිණ වෙනත් ස්ථානයක වාහනයක ගාල් කර රෝහල තුළට පැමිණියා. මේ ආකාරයෙන් වෛද්‍යවරුන් කීපදෙනෙකුටම මෙම විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා තර්ජනය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි පොලිසියේ පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ තත්ත්වය යටතේ අපිට රාජකාරී කරන්න බෑ. යහපත් මානසිකත්වයකින් රාජකාරි කරන්න නොහැකි හදිසි ශල්‍යකර්ම පමණක් සිදුකරමින් රාජකාරිවලින් ඉවත් වී සිටීමට අපි තීරණය කර තියනවා" යැයි පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top