Sathosa

Oct 11, 2018

ත්‍රීරෝද ගාස්තු හෙට සිට ඉහළට

පෙට්‍රල් මිල ඉහළ යාමට සාපෙක්ෂ ත්‍රිරෝද රථ ගාස්තුව හෙට (12දා) සිට ඉහළ දමන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය පවසයි.

මේ අනුව බස්නාහිර පළාත් තුළ රුපියල් 40ක්ව පැවතින දෙවැනි කිලෝමීටරයේ සිට අය කිරීම රුපියල් 50ක් දක්වා ඉහළ දමන බවත් එහෙත් පළමු කිලෝමීටරයට අයකරන රුපියල් 60ක මුදල වෙනස් නොකරණ බවද එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි.

මධ්‍යම කඳුකරය ඇතුළු කඳුකර ප්‍රදේශවල පළමු කිලෝ මීටරයට අයකළ රුපියල් 60ක මුදල 80 දක්වාත් දෙවන කිලෝමීටරයේ සිට අයකළ ගාස්තුව රුපියල් 50 සිට 60 දක්වාත් ඉහළ දමන බව සභාපතිවරයා පැවැසීය.සෙසු ප්‍රදේශ සඳහා අයකරන මුදල අද රාත්‍රියේදී ප්‍රකාශ කරන බවත් ඔහු පැවැසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top