Sathosa

Oct 11, 2018

අන්තර්ජාලය නිසා වන හානිය තව දුරටත් තහවුරු වෙයි

අන්තර්ජාලය සහ විද්‍යුත් මාධ්‍යය බොහෝ වේලාවක් පරිහරණය කිරීමෙන් මොළයට හානි සිදුවිය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අපේක්ෂා හේවාගීගන මහත්මිය සඳහන් කරයි.

අන්තර්ජාලය සහ විද්‍යුත් මාධ්‍යයට ඇබ්බැහිවූ විට කායික, මානසික ගැටලූ ඇතිවීමේ අවදානම බොහෝ සෙයින් වැඩිවිය හැකි බවත් ඇය සඳහන් කළාය.

තරුණ පරපුර විශාල වශයෙන් අන්තර්ජාලයට ඇබ්බැහි වී ඇති බව පෙන්වා දුන් වෛද්‍යවරිය පොතක් කියවීමෙන් කිසිවිටකත් මොළයට හානියක් සිදු නොවන බවත් පැවැසුවාය.

2005 වසරේදී අන්තර්ජාලය භාවිතය මෙන් තුන්ගුණයක් 2015 වසරේදී අන්තර්ජාලය භාවිතා කරන බවට සමීක්ෂණයක් මගින් හෙලිවී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන හයක් අන්තර්ජාලය භාවිතා කරන බවත් ජංගම දුරකතන සබඳතා මිලියන 25ක් ඇති බවත් අනාවරණය වී තිබේ.

මෙරට ජනගහනයෙන් මිලියන 4.5ක් ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිතා කරන බවත් එම සමීක්ෂණය මගින් තහවුරු වී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top