Sathosa

Oct 11, 2018

ඇලෝසියස් සහ කසුන්ගේ ඇප ප්‍රතික්ෂේපයි

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් විසින් තමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනු කළ ඇප අයදුම්පත් අභියාචනාධිකරණය විසින් අද (11) ඉවතට දමන ලදී.

මොවුන්ට ඇප දෙනවාද නැද්ද යන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති පී .සූරසේන මහතා මෙම පෙත්සම් ඉවත දමා ඇත.

එහෙත් රහස් පොලිසිය විසින් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර වාර්තා මඟින් පොදුදේපල පනත යටතේ කිසිදු වරදක් අනාවරණය නොවන බවත් මේ හේතුවෙන් තමන්ව ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය මෙන්ම කොළඹ මහාධිකරණය මඟින් දී ඇති තීන්දු ද නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top