Pasidol

Sathosa

Oct 11, 2018

ඩිපෝව මහන්සියෙන් ගත් බස් ඇමති උජාරුවෙන් භාරදෙයි

හැටන් ලංගම ඩිපෝවට අලුතින් මිල දි ගත් බස් රථ පහක් ප්‍රවහන අමාත්‍යය නිමල් සිරිපාල මහතා විසින් හැටන් ලංගම ඩිපෝව වෙත භාර දෙයි.

හැටන් ලංගම ඩිපෝව මගින් මිල දී ගත් නව තාක්ෂණයෙන් යුතු ලේලන්ඩ් වර්ගයේ බස් රථ පහක් එම ඩිපෝවේ නිලධාරීන් වෙත භාරදීම ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් ඊයේ (10) සිදු කරන ලදි.

නරාහේන්පිට ලංකා ගමනා ගමන මුලස්ථානයේදී නව බස් රථ පහ නිල වශයෙන් අමාත්‍යයවරයා විසින් හැටන් ලංගම ඩිපෝවේ නිලධාරින්ට භාර දෙනු ලැබීය.

මෙම නව බස් රථවල ජි.පී.එස් තාක්ෂණ උපකරණ සවි කර ඇති අතර පරිසර හිතකාමිව නව තාක්ෂණයෙන් යුතුව නිෂ්පාදනය කර ඇත.

හැටන් ලංගම ඩිපෝව මගින් උපයාගෙන ඇති ආදායමෙන් රු දෙකෝටි හැට දෙලක්ෂ පනස් දහසක මුදලක් එකවර අදාළ බස් රථ සමාගමට ගෙවා බස් රථ පහ මිල දී ගෙන ඇත.

එම බස් රථ හැටන් සිට පොඩයිස් හරහා ඩයගම , හැටන් ඕල්ටන් සාමිමලේ , තලවකැලේ රහන්වත්ත , මඩකුඹුර , කලවැල්දෙණිය යන ප්‍රදේශවලට ධාවන කටයුතු සදහා යොදවන බව එම ඩිපොවේ කළමණාකාර අනුර දොඩම්තැන්න මහතා කියා සිටියේය.

මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල මහාතා කියා සිටියේ හැටන් ලංගම ඩිපෝව අනෙකුත් ඩිපෝවලට වඩා ආදර්ශමත් ඩිපෝවක් බවත් භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන තෙක් බලා නොසිටිය යුතු බවත්ය.

මෙම බස් නව බස් රථ භාර දීමේ අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ජි.එස්.විතානගේ , ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සහ හැටන් ලංගම ඩිපෝවේ නිලධාරින්ද සහභාගි විය.

සටහන සහ ඡායා - රංජිත් රාජපක්ෂ - හැටන්

Nimal2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top