Pasidol

Sathosa

Oct 11, 2018

සෝමදේවගේ කැණීම් බලපත්‍රය මණ්ඩාවල අහෝසි කරේ ඇයි? Featured

කැණීම් පිළිබඳ වාර්තා සහ සොයාගත් පෞරාණික භාණ්ඩ ලබානොදීම නිසා ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ කැණීම් බලපත්‍රය අත්හිටුවීමට තීරණය කළ බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා පවසයි.

2010 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ මහාචාර්යවරයාට කැණිම් බලපත්‍ර 19 ක් ලබා දී ඇති අතර ඒවා අත්හිටවූ බව මාස 7කට පමණ පෙර ඔහුට දැනුම්දුන් බවත් ඒ සම්බන්ධයෙන් මහාචාර්ය රාජ් සෝමදේවගේ ඇතැම් ප්‍රකාශ වෘත්තිය සදාචාරයට නොගැළපෙන බවත් හෙතෙම කියා සිටී.

මේ පිළිබඳව ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉල්ලීමට අනුව අදාළ වාර්තා සහ උපකරණ නිසි පරිදි ලබාදුන් බවයි.

නමුත් එම වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒවා ප්‍රමාණවත් නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට ප්‍රකාශ කළ බවද ඔහු පැවසීය.

පුරාවිද්‍යාව පිළිබඳ නිසි දැනුමක් නොමැති පුද්ගලයන් සමඟ සංවාද කර පළක් නොමැති බවද මහාචාර්යවරයා තවදුරටත් කියා සිටියේය.

පසුගිය කාලය තුළ පුරාවිද්‍යා කැණීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් නම සඳහන් වූ මහාචාර්ය රාජ් සෝමදේව ස්කැන්ඩිනේවියානු විශ්වවිද්‍යාලයක පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත විද්වතෙකි.

කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස ඔහු වසර ගණනාවක සිට සේවයේ නිරතව සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top