Pasidol

Sathosa

Oct 11, 2018

දෙගුරුන් මතක් වී නිවසේ පාර සෙවූ සාමනේර හිමි

 
මාතර ප්‍රදේශයේ  විහාරස්ථානයක සිට වැලිමඩ දක්වා යන අතරතුරදී  බදුල්ලේ  බස් නැවතුම්පොලේ අතරමං වී සිටි  දාහත් හැරිවිරිදි සාමනේර හිමි නමක් අද (11)  උදෑසන පොලිසියට වැඩමවාගෙන ආ බව බදුල්ල පොලිසිය පවසයි.
වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ‍වන  මෙම  හිමිනම  මෑතකදී දෙමාපියන් විසින් පැවිදි කර  ඇති අතර  පන්සලේ කිසිවකුටත් නොදන්වා සිය  නිවස පිහිටි වැලිමඩ ප්‍රදේශයට  යාමට බසයක නැග පැමිණ ඇති අතර මෙලෙස බදුල්ලේදී  අතරමං වී බස්නැවතුම්පොලේ රැදී සිට ඇත.
 
‘ගෙදර මතක්වී පන්සලේ කිසියෙකුටත් නොදන්වා බසයක නැගී  තමා පැමිණි බව සාමනේර හිමිනම පැවසු බව බදුල්ල  වැඩබලන මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ද සිල්වා මහතා  සඳහන් කළේය.
 
හිමිනම මව්පියන්ට බාරදීමට කටයුතු කරන බවද පොලිස් පරීක්ෂකවරයා පැවසීය.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top