Pasidol

Sathosa

Oct 11, 2018

අලුත් ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන්ට අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා නම් කළ සිවිල් නියෝජිතයින් තිදෙනාට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ආචාර්ය ජයන්ත ධනපාල, අහමඩ් ජාවිඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් ලෙස පත්කිරීමට අනුමැතිය හිමිව ඇත.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව සාමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට සිවිල් නියෝජිතයින් තිදෙනෙකු ඇතුළත් විය යුතුය.

මේ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 10 දෙනා මේ වනවිට පත්කර ඇති අතර, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂනායකවරයා නිල බලයෙන් ඒ සඳහා පත්වේ.

ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාත්, විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාත් පත්කර ඇති අතර, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියයි.

සුළු පක්ෂ නියෝජිතයා ලෙස පත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පිහිටුවා ඇති මෙම ව්‍යවස්ථා සභාවේ නිල කාලය වසර 3 කි.

 අගවිනිසුරු ගැන තීරණය හෙට !

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට මධ්‍යහ්න 12 ට පළමුවරට රැස්වීමට නියමිත අතර, එහිදී නව අගවිනිසුරුවරයා පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top