භාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග කල කතාබහේදී ප්‍රගතියක් නොමැති බව ඒ සම්බන්ධයෙන් පුරෝගාමී සම්බන්ධිකරණ කාර්යභාරයක් කල 15 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මෙහිදී ප්‍රකාශකර ඇත.
ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධයේ සියලුම මන්ත්‍රීවරුන් අද (12) දිනයේ කැඳවා තීන්දුවක් ගැනීමට තීරණය කර තිබේ.
විමල් ඇවිත් නැහැ :
එස්.බී. දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත හා ජෝන් සෙනවිරත්න යන මන්ත්‍රීවරුන් 15 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.
එස්.බී. දිසානායක මහතා විසින් ගෙන ආ භාරකාර ආණ්ඩු යෝජනාවට පක්ෂව ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර අරගලයක නිරතවූ විමල් විරවංශ මන්ත්‍රීවරයා මෙම රැස්වීමට සහභාගී නොවූ බව ඊට සහභාගී වූ මන්ත්‍රීවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.''සභාග ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ විශාල බලාපොරොත්තුවක් නැ'' - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
මේ රැස්වීමට පෙර ඊයේ (11දා) නාරාහේන්පිට අභයාරාමයේ පැවති උත්සයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුයේ, සභාග ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ විශාල බලාපොරොත්තුවක් නැති බවයි.
එවැනි යෝජනාවක් ආවොත් ඒ පිළිබඳව පක්ෂයක් ලෙස තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු එහිදී කියා සිටියේය.
මේ අතර නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී ඊයේ (11) පැවති 'පැවිදි හඩ' සංවිධානයේ මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හවුල් ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ නම් බෙල්ලේ වැල දමා ගැනීම ඊට වඩා හොඳ බව අවධාරණය කර සිටියහ.
ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනකුත් සභාග ආණ්ඩුවකට යාමට කැමති නැතැයි පැවසු උන්වහන්සේ, භාරකාර ආණ්ඩු යෝජනාව ශ්‍රී ලනිප 15 කණ්ඩායමේ යෝජනාවක් විය හැකියැයි කියා සිටියහ.
සබැඳි පුවත් :
'භාරකාර ආණ්ඩුවක අසුන් ගන්නේ නැහැ' - වෙල්ගම දැඩි තිරණයක
''අතරමග අම්බලම් නැහැ'' : භාරකාර ආණ්ඩුවකට බැසිල් එරෙහිවේ !