Pasidol

Sathosa

''ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනකුත් සභාග ආණ්ඩුවකට යන්න කැමැති නැහැ.'' - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ''ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනකුත් සභාග ආණ්ඩුවකට යන්න කැමැති නැහැ.'' - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
Oct 12, 2018

'බෙල්ලේ වැල දමා ගැනීමක්' ; මුරුත්තෙට්ටුවේ හිමි මහින්දට අනතුරු අඟවති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හවුල් ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ නම් බෙල්ලේ වැල දමා ගැනීම ඊට වඩා හොඳ බව පැවිදි හඩ සංවිධානය සදහන් කරයි.

එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙම අදහස් පළ කලේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පිරිහෙන ආණ්ඩුවක් නැවත ආරක්ෂණ කිරීමට හවුල් ආණ්ඩුවක් අවශ්‍ය නැති බව ද උන්වහන්සේ එහිදී කීහ.

මහින්ද රාජපක්ෂ මහතා හවුල් ආණ්ඩුවක් ගත්තා යැයි කියා ප්‍රශ්නය විසඳන්නට බැරි බවත් ඩොලරය පහළ බසින්නේ නැති බවත් පැවසු උන්වහන්සේ, මෙම මෝඩ වැඩේට අත ගහන්න එපා කියා තමන් වහන්සේ තරයේ ඉල්ලා සිටින බව පැවසූහ.

එහිදී උන්වහන්සේ මෙසේද පැවැසූහ.

මේවා ශ්‍රීලනිප 15 කණ්ඩායමේ යෝජනා ?

''වත්මන් ආණ්ඩුව යහපාලනයක් ගෙන යන බවත් රට සංවර්ධනය කරන බවත් ඔවුන්ම කියා ගන්නවා. ඒත් ඔවුන්ගේ කාර්යය කොහොමදැයි දැනගන්න නම් මැතිවරණයක් පැවැත්විය යුතුයි.

ඒත් යහපාලනයේ නමින් තමන් කරන්නේ බොරුවක් බව දන්නා ආණ්ඩුව මැතිවරණ පවත්වන්නේ නැහැ. කුමන හේතුව ඉදිරිපත් කළත් ජනතා මතය විමසන්න ආණ්ඩුව බයයි.

අද අවශ්‍ය වී තිබෙන්නේ සභාග ආණ්ඩු නොවෙයි. ඒවා ශ්‍රී ලනිප 15 කණ්ඩායමේ යෝජනාද දන්නෙත් නැහැ.

පාර්ලිමේන්තු මැතිවරණයකින් පත්වන නව ආණ්ඩුවක් තමයි අවශ්‍ය වෙන්නෙ. අරගල කළ යුත්තේ ඒ වෙනුවෙනුයි. ඒක යටපත් කරන්න යෝජනා වී තිබෙන සභාග ආණ්ඩුවලට මහින්ද රාජපක්ෂ මහත්තයාවත් ඒකාබද්ධ විපක්ෂයවත් යොමු විය යුතු නැහැ.

මේ ආණ්ඩුවට ආයුෂ තිබෙන්නේ තවත් කෙටි කාලයක් පමණයි. ඒ තුළ සභාග ආණ්ඩු පිහිටුවන්න ඕන කියන්නේ රටට ආදරේ ඇති අය නොවෙයි. ඇමැතිකමක්, කාර්යාලයක්, වාහනයක් ආදිය ගන්න වුවමනා අය තමයි එහෙම අදහස් ඉදිරිපත් කරන්නෙ.''

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top