Sathosa

Oct 12, 2018

හොරෙන් පාරට දැමූ කුණු මල්ල පොලිසිය ගෙදරටම ගෙනැවිත් දෙයි

මහ රෑ හොරෙන් මහ මඟ දමා ගිය කුණු මල්ලේ අයිතිකරු සොයා උදේ පාන්දරම පොලිසිය එම නිවසට ගිය පුවතක් තලාතුඔය, මාරස්සන ප්‍රදේශයෙන් වාර්තා වේ. තලාතුඔය පොලිසියේ උසස් නිලධාරියකු රාජකාරි කටයුත්තකට පාන්දරම මාරස්සන මාර්ගයේ ගමන් කරමින් සිටියදී මහ මඟ අයිනේ දමා තිබූ කුණු මල්ලක් දැක යතුරුපැදිය නතර කොට කුණු මල්ල අවුස්සා බලා ඇත.

ඇවිස්සූ කුණු මල්ලේ තිබී ලිපිනය සහිත බිල්පතක් හමු වී ඇති අතර එම කුණු මල්ලේ අයිතිකරු බිල්පතින් හඳුනාගැනීමට හැකි වී ඇත. එම ලිපිනය ඔස්සේ අයිතිකරු සොයා ගිය පොලිස් නිලධාරියා නිවෙසේ ‍දොරට තට්ටු කොට ඇත. නිවෙස් හිමියා ‍දොර විවෘත කළ පසු,

'සුබ උදෑසනක් මහත්මයා මම පාරේ එද්දී ඔබතුමා ගෙනියපු කුණු මල්ල වැටිලා තිබිලා හමු වුණා. 'එන්න මාත් එක්ක යන්න ඒක අරගන්න, නැත්නම් වෙන කවුරුහරි ඒක අරන්යයි' යැයි පොලිස් නිලධාරියා පවසා ඇත.

එහිදී කිසිවක් කරකියා ගත නොහැකිව ගොළු වූ නිවෙසේ අයිතිකරු යතුරුපැදියේ නැඟී පොලිස් නිලධාරියා සමඟ ගොස් කුණු මල්ල නැවත ගෙදර ගෙනැවිත් ඇත.

පොලිස් නිලධාරියාද මොකුත් නොකියා පිටවී ඇති අතර නීතියෙන් දඬුවම් දීමට වඩා මෙවැනි දඬුවම් දීමෙන් පරිසරය විනාශ කරන්නන්ට හොඳ පාඩමක් ඉගැන්විය හැකි බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top