Sathosa

නොවැම්බර් 05 විප්ලවය... නොවැම්බර් 05 විප්ලවය...
Oct 12, 2018

මහින්ද, තිලංග, මහින්ද හමුවක් (ඡායා) Featured

හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, තිලංග සුමතිපාල, අමාත්‍ය මහින්ද අමරවීර හා සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඊයේ (11) රාත්‍රියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී හමුව තිබේ.

මේ අතර, පාර්ලිමෙන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක යන මහත්වරුන්ද ඊයේ (11) වෝටර්ස් එජ් වෙත ගොස් සිටියහ.

හිරුණිකා හා වීරකුමාර මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට පෙර වෝටර්ස් එජ් හෝටලයෙන් පිටව ගොස් තිබේ. තමාට රූපවාහිනී සංවාදයකට සහභාගිවීමට ඇති බව පවසමින් හිරුණිකා මහින්ද පැමිණීමට පෙර වෝටර්ස් එජ් හෝටලයෙන් පිටව ගොස් ඇත.

මොවුන් සියලුදෙනාම මෙසේ වෝටස් එජ් වෙත එක්ව සිටියේ ඔස්‍ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වුණු Miss British Empire 2018 ජාත්‍යන්තර රූ රැජිණ තරඟයේදී, රටවල් 97 ක රෑමතියන් පරදා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජයගත් වෛද්‍ය නුවන්දිකා ලක්මාලි වික්‍රමරත්න සිරිවර්ධනගේ ජයග්‍රහණය සැමරීමට පැවැති සාදයටය.

රාජපක්ෂ මහතා පැමිණි මොහොතේ සිට තිලංග සුමතිපාල මහතා දීර්ඝ රහස් සාකච්ඡාවක නිරතව සිටිනු එහි සිටි ආරාධිතයන් සියලුදෙනාටම දැක ගැනීමට හැකි විය.

සබැඳි පුවත්
ඕස්ට්‍රේලියාවේ ජයගත් නුවන්දිකා යළිත් මෙරටට

mahinda3

mahinda2

mahinda1

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top