Pasidol

Sathosa

Oct 12, 2018

නගරාධිපතිගේ නිල රථය කුණු ට්‍රැක්ටරයක්

තම රාජකාරි අවශ්‍යතා සඳහා නිල වාහනයක් මෙතෙක් ලබා දී නැතැයි පවසමින් වවුනියාව නගරාධිපති ඊ. ගෞතමන් මහතා ඊයේ (11) නගර සභාවේ කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයක නැගී රාජකාරි අවශ්‍යතා සඳහා ගමන් කර ඇත.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීම් කිහිපයක් සඳහා නගරාධිපතිවරයා එලෙස කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථවල නැගී ගමන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නගරාධිපතිවරයා පවසා සිටියේ, වවුනියාව නගර සභාවට රාජකාරි ගමන් යෑම සඳහා වාහන දෙකක් පමණක් ඇති බවත්, එය මේ වන විට දැඩි අබලන් තත්ත්වයක පවතින බවත් එහෙත් ඒවා අලුත්වැඩියාව සඳහා යොමු කර නොමැති බවත්ය.

අදාළ ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද, කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඊයේ (11) සිට තමන් කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයකින් රාජකාරි අවශ්‍යතා සඳහා ගමන් කරන බව ද කීය.

නගර සභාවේ ලේකම්ට හෝ ගණකාධිකාරිවරයාට ද වාහන නොමැති බවත් හෙතෙම පැවසීය.

මේ අතර නගර සභාවට අවශ්‍ය පවිත්‍රතා සේවකයින් 14 දෙනකු බඳවා ගැනීම ද පළාත් සභාව විසින් නතර කර ඇති බව ඔහු සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top