Pasidol

Sathosa

Oct 12, 2018

යාපනයෙන් තවත් අස්ථි කොටස් හමුවෙයි Featured

යාපනය,අච්චුවේලි මාර්ගයක් ආසන්නයේ විදුලි කණු සිටුවීමට වළවල් හැරී‍මේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් ඊයේ (11) හමුව ඇති බව යාපනය අච්චුවේලි පොලිසිය පවසයි.

අච්චුවේලි පත්තමේනි සූසෙයප්පර් වීදිය ප්‍රදේශයේ විදුලි කණු සිටුවීමට වළවල් හැරීමේදී අදාළ අස්ථි කොටස් හමුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත ලද තොරතුරු මත පොලිසිය අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් යාපනය මල්ලාකම් මහේස්ත්රාරත් අධිකරණය වෙත කරුණු වාර්තා කළ බවද පොලිසිය කියා සිටී.

යාපනය මල්ලාකම් අධිරණයේ නියෝග යටතේ යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අදාළ ස්ථානය සම්බන්ධයෙන් අද (12) පරීක්ෂා කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

සටහන සහ ඡායා - මාධව කුලසූරිය - වවුනියාව

Achchuveli 06

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top