Pasidol

Sathosa

Oct 12, 2018

එකම පවුලේ 5 ක් ඝාතනය කළ 10 දෙකට මරණ දඩුවම්

අගුණකොළපෑලැස්ස දික්වල රදම්පල ගෙදර නිවසේ සිටි මවක සහ ඇයගේ දරුවන් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා ලැබූ සැකකරුවන් 12 දෙනකුගෙන් 10 දෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර් .එස්. එස්. සපුවිද මහතා අද (11දා) මරණ දඬුවම නියම කළේය.

මෙම ඝාතනයන්ට සම්බන්ධ බවට පුද්ගලයන් 23 දෙනෙකුට විරුද්ධව පොලීසිය නඩු පවරා තිබුණු අතර ඉන් 04 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබේ.

විත්තිකරුවන් 07 දෙනෙකු අධිකරණය මග හැර සිටිති. ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

වර්ෂ 1998.12.18 දින අගුණකොළපෑලැස්ස දික්වැව ප්‍රදේශයේ දී මෙම ඝාතන සිදු විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top