'15 කණ්ඩායම අපිව කඩේ යවන්න හදනවා' - කුමාර වෙල්ගම  '15 කණ්ඩායම අපිව කඩේ යවන්න හදනවා' - කුමාර වෙල්ගම 
Oct 13, 2018

'භාරකාර ආණ්ඩුවක් හදන්න මෛත්‍රීට හයියක් නැහැ' - වෙල්ගම (වීඩියෝ)  Featured

භාරකාර ආණ්ඩුවක් සැදීමට ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසක් ලබාදීමට ශ්‍රීලනිප නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකියාවක් නැතිබවත් එම තත්වය තුල භාරකාර ආණ්ඩු කතා විහිළුවක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

භාරකාර ආණ්ඩු යෝජනාවට මේවනවිට එකඟතාවය පළකර ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප මැති ඇමතිවරුන් විසි ගණනින් තිදෙනෙකු පමණක් බව ද ඔහු කියා සිටියි. 

ඩිලාන් පෙරේරා ඇතුළු ශ්‍රීලනිප 15 කණ්ඩායමේ  උත්සාහය වී ඇත්තේ,  නැවත වතාවක් ඒකාබද්ධ විපක්ෂය රවටා කඩේ යැවීමට බව පවසන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂයේ එක්කරමින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් ඔවුන් ඉදිරිපත්ව ඇති ඇති බවත් ඊට තමන් දැඩි විරෝධය දක්වන බවත් අවධාරණය කර සිටියි.

මෛත්‍රී ජනාධිපති අපේක්ෂකයා කිරීමට !

එම යෝජනාවේ අරමුණ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කර ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීම බවද ඔහු සදහන් කරයි.

කිසිසේත්ම නැවත වතාවක් රැවටීමට තමන් සූදානම් නැති බව සඳහන් කරන ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන නමුත් අද සිටින පක්ෂ නායකයාට කැමති නැති බවද කියා සිටී.

මහින්ද රාජපක්ෂ මහතා භාරකාර ආණ්ඩුවකට යාමට තීරණය කලහොත් තමන් විරෝධය පළ කරන බවත් එවන් ආණ්ඩුවක් පිහිටවුවද තමා ඇමතිධූරයක් බාර නොගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

වීඩියෝ 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top