Oct 14, 2018

'භාරකාර ආණ්ඩුවක් පිහිටුවා පෙන්වන' - ඒකාබද්ධයට අභියෝගයක්

හැකිනම් භාරකාර ආණ්ඩුවක් පිහිටුවා පෙන්වන ලෙසට ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වර්තමාන රජය 2020 වසර වනතෙක් පවතින බවයි.

අමාත්‍ය පී. හැරිසන් මහතා ද අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ දැනට පවතින්නේ සභාග ආණ්ඩුවක් බවයි.

එය වෙනස් කිරීම ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන 15 දෙනාගේ කණ්ඩායමට සිදුකළ නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ අතර බෙලිඅත්ත ප්‍රදේශයේදී ජන හමුවක් අමතමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ කියා සිටියේ රජය වෙනස් කිරීමට ඕනෑම අවස්ථාවක ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top