Oct 16, 2018

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පාරමීගෙන් පදක්කමක්

තෙවැනි වරටත් ආජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 කාන්තා බාධක දිවීමේ තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාව ඊයේ (15 දා) සමත් වූවාය. මෙය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලෙකදී ශ්‍රී ලංකාව දිනාගත් පළමු පදක්කම බවට පත්විය.

මෙම තරග ඉසව්ව අදියර දෙකක් ඔස්සේ ක්‍රිය‍ාත්මක වූ අතර, ඇය මූලික වටයේ තරගයේදී තෙවැනි ස්ථානය දිනා ගත්තාය . ඒ අනුව දෙවැනි වටය සඳහා ක්‍රියාත්මක වූ කිලෝමීටර 4ක රට හරහා දිවීමේ තරග ඉසව්ව විනාඩි 13.47 ක් අවසන් කිරීම නිසා තරග වට දෙකේදී වැය වූ කාලයේ එකතුවෙන් ඇයට ලෝකඩ පදක්කම දිනා ගැනීමට හැකිවිය.

මෙම තරග ඉසව්වේ රන් පදක්කම කෙන්යා ක්‍රීඩිකා ෆැන්සි චිරානෝ දිනාගත් අතර, රිදී පදක්කම ඉතියෝපියා ක්‍රීඩිකා මෙක්ඩිස් අබිබි විසින් දිනා ගත්තාය.

(MIRROR GAMES ඇසුරෙනි)

PARAMI 2

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top