nsb
Sathosa

Oct 16, 2018

මන්ත්‍රීන් කළු පටි දමා යතුරුපැදි තල්ලු කරයි

කිසිවෙක් නොදන්නා තෙල් මිල සූත්‍රය වහාම හකුලා ගන්නා ලෙස ඉල්ලා අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනෙක් අද (16) පෙරවරුවේ අම්බලන්තොට නගරය මධ්‍යයේ නිහඩ විරෝධතාවයක නිරතවිය.

අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මහා සභා සැසිවාරය පැවැත්වීමට නියමිත අද දිනයේදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දිනෙන් දින ඉහල යන ජීවන වියදම ,ජනතාව මත පැටවා ඇති බදුබර හා දවසින් දවස තෙල් මිල ඉහල යවන තෙල් මිල සූත්‍රය හකුලාගන්නා ලෙස ඉල්ලා ඊට විරෝධය දක්වමින් කළුපටි පැළද මෙලෙස නිහඩ විරෝධතාවයක නියැළුණි.

පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරතවූ මන්ත්‍රීවරුන් අනතුරුව මහා සභා සැසිවාරය සඳහා තම යතුරුපැදි තල්ලු කරගෙන ගොස් සභා සැසිවාරයට සහභාගී වීමට කටයුතු කළහ.

සටහන සහ ඡායා- අජිත් පුෂ්පකුමාර - අම්බලන්තොට

black1

black4

black6

black8

black9

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top