Oct 18, 2018

ත්‍රීරෝද සඳහා වෙනම පෙට්‍රල් වර්ගයක්

ත්‍රිරෝද රථ සඳහා භාවිතයට ගත හැකි මිලෙන් අඩු නව පෙට්‍රල් වර්ගයක් ඉදිරි මාසය ඇතුළත වෙළෙඳපොළට හඳුන්වා දෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.
මෙම පෙට්‍රල් වර්ගයේ මිල පවතින මිලට වඩා රුපියල් අටකින් පමණ අඩු බවද අමාත්‍යවරයා පවසයි.
 
යතුරුපැදිවලටද මෙම පෙට්‍රල් වර්ගය භාවිතයට ගැනීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු මේ දිනවල සිදුකරන බවද හෙතෙම කියා සිටී.
 
එසේම එළැඹෙන ජනවාරි, පෙබරවාරි, මාසවලදී යුරෝපයට බලපාන සීත සෘතුවක් සමඟ එම රටවල ඉන්ධන භාවිතය වැඩිවීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යා හැකි බවද අමාත්‍යවරයා පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top