Sathosa

'ජනපතිගේ රාජයෝගය 2025 වසර ඉක්ම වනතුරු බල පැවැත්වෙනවා, ජිවිත තර්ජනයක් නැහැ'' 'ජනපතිගේ රාජයෝගය 2025 වසර ඉක්ම වනතුරු බල පැවැත්වෙනවා, ජිවිත තර්ජනයක් නැහැ''
Oct 19, 2018

''ජනාධිපතිගේ ග්‍රහබලය 2025 දක්වා ප්‍රබලයි''

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ග්‍රහබලය ඉතාමත්ම ප්‍රබලයි. මෙම කාලසීමාව තුළදී කුමන්ත්‍රණකාරීන්ට එතුමාගේ ජීවිතයට කිසිදු හිරිහැරයක් කිරීමට හැකි වන්නේ නැතැයි ඇළහැර බකමුණ ප්‍රාදේශීය සංඝ නායක ගෘස්ත්‍රපති ප්‍රවීණ ජේ‍යාතිෂවේදී ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියෝ ප්‍රකාශ කළහ.

'මව්බිම' පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් එබව සඳහන් කර ඇති උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද ප්‍රකාශකර තිබේ.

''පසුගිය දිනවල ජනාධිපතිතුමාගේ ජීවිතයට හිරිහැර කිරීමට කුමන්ත්‍රණයක් පවතින බවට ආරංචි පැතිර ගියා. 2006 වසරේදී එතුමාට එළඹුණු රාජ යෝගය නිසා මේ රටේ රාජ්‍ය නායකයා බවට පත්වුණා. මේ කාලයේ එතුමාගේ ග්‍රහබලය ඉතාමත්ම ප්‍රබලයි. කිසිම සතුරකුට එතුමාට එරෙහිව කටයුතු කරන්න බැහැ. සතුරන්ගෙන් සිදුවන හානි පිළිබඳව කිසිවක් නොසලකා හරින වාසනා ගුණයක් තිබෙනවා.

පංචශීලය රකිමින් රාජ්‍ය පාලනය කරන ජනාධිපතිතුමා සෑම දිනකදීම ධර්මානුකූලව ජීවත් වන බව බොහෝ කලක පටන් හොඳින් දන්නවා. ධර්මානුකූලව ජීවත් වන පුද්ගලයා ධර්මය විසින්ම ආරක්ෂා කරන බව කිවයුතුයි.

හිරිහැරයක් කිරීමට උත්සාහ කරන පුද්ගලයන් !

ජනාධිපතිතුමාට කිසියම් හිරිහැරයක් කිරීමට උත්සාහ කරන පුද්ගලයන් මෙම කාලසීමාව තුළදී පරාජයට පත් කිරීමේ ග්‍රහ බලයක්ද පවතිනවා.

එතුමාට බල පවත්වන රාජ යෝගය 2025 වසර ඉක්ම වනතුරු බල පැවැත්වෙන අතර එම කාලසීමාව තුළදී මේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරනවා පමණක් නොව ජාත්‍යන්තර කීර්තියට පත්වන බවද ස්ථිරවම ප්‍රකාශ කළ හැකි වනවා.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top