Oct 19, 2018

බැඩ්මින්ටන් සභාපති ලේකම් නෝනට නවතින්න මූලස්ථානයෙන් කාමරයක් දීලා ! Featured

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ක්‍රීඩාව පිළිබඳ ඇති අල්ප දැනුමෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ක්‍රීඩා අමාත්‍යංශයේ ඍජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන ඇතැම් ක්‍රීඩා සඳහා පත්කරන ලද නිලධාරීන් හිතුමතේ කටයුතු කරමින් සිටින බවට මේවන විට චෝදනා එල්ලව ඇත.

නිලවරණ සඳහා පැනවූ නඩු හේතුවෙන් අරාජික තත්ත්වයට පත්ව ඇති ක්‍රිකට් හා බැට්මින්ටන් මේ සඳහා ඇති හොඳම නිදසුන් බවට පත්ව තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාව, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාගේ ඍජු මැදිහත්වීමෙන් පවත්වාගෙන යන අතර බැඩ්මින්ටන් සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත් කර ඇත.

වසරකට ආසන්න කාලයක් මෙසේ පවත්වාගෙන යන බැඩ්ට්මින්ටන් අතුරු කමිටුවේ භාපතිධූරයට ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත්කර ඇත්තේ නිශාන්ත ජයසිංහ නම් අයෙකි.

අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන්ගේ විරෝධය මැද ඔහු ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයට සහභාගිවීමට කටයුතු කිරීම නිසා එහි ලේකම්වරයා හා උප ලේකම්වරයා ඉල්ලා අස්විය.

එසේම පසුව පත්කරන ලද ලේකම්වරයෙකු මොහු සමග වැඩ කළ නොහැකි වීම නිසා ඉල්ලා අස් වූයේ ය.

ක්‍රීකයන්ගේ නවාතැන් වලට පමණක් වෙන් වූ බැඩ්මින්ටන් සංගම් මූලස්ථානයේ කාමරයක් සංගමයේ සේවය කරන ලිපිකාරිනියක හා ඇගේ පෙම්වතාට නවාතැන් ගැනීමට මොහු කටයුතු සලස්වා දී තිබේ.

බැඩ්මින්ටන් සංගම් මුලස්ථානයේ ක්‍රීඩාගාරයේ පුහුණු වල නිරතවන ජාතික සංචිතයේ ක්‍රීඩකයන්ට ඒ සඳහා මුදල් ගෙවීමට ද නියම කරන මොහු නොබෝදා ඩුබායිහි ජාත්‍යන්තර තරගාවලියට යාමට අවසර ඉල්ලූ ක්‍රීඩකයන් දෙදෙනකුට මේ සඳහා අවසර ලබාදීම ද ප්‍රතික්ෂේප කර ඇත.

මේ සියල්ල දකිමින් ක්‍රීඩා අමාත්‍යවරයා නිදෝපගත ලීලාවෙන් සිටීම ගැන බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තම බලවත් අප්‍රසාදය පළ කර සිටිති.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top