Oct 19, 2018

තෙල් සංස්ථාවේ රංගජීවගේ තෙල වැඩිවූ හැටි (වීඩියෝ)

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ කළමණාකාරවරයෙක් වන රංගජීව ආරියරත්න නම් තැනැත්තා සිය ස්ථාන මාරුව සැමරීම පිණිස කාර්යාල වේලාවේදී කාර්යාල පරිශ්‍රය තුළ මත්පැන් සාද පවත්වා ඇති බවට කරණු වාර්තාවේ.

රාජකාරී කටයුතුවලදී මොහු විසින් කරන ලද අක්‍රමිකතා රැසක් සම්බන්ධවද පැමිණිලි ලැබී ඇත.

පසුගියදා පැවැත්වූ මෙම සාදය සම්බන්ධවද ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කර ඇත්තේ එම ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් විසින්මය.

මේ සම්බන්ධයෙන් අප ඛණිජ තෙල් නීතීගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ අදාළ පළාත් කාර්යාලය භාරව සිටි නිලධාරියාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම එම අවස්ථාවේ කාර්යාලයේ සිටි අනෙක් නිලධාරීන් සම්බන්ධයෙන්ද මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

අදාල කළමණාකාරවරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවද පරීක්ෂණයක් සිදුකර තිබේ.

සාදයට අදාළ දර්ශන ඇතුළත් වීඩියෝව පහතින්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top