Oct 19, 2018

අගමැති රනිල්, රාහුල් ගාන්ධි හමුවේ

ඉන්දීයාවේ නිල සංචාරක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි මහතා ඇතුළු කොංග්‍රස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

නවදිල්ලි නුවර ටාජ් හෝටලයේ පැවැති එම සාකච්ඡාව සදහා කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ඉන්දියන් සාගරයේ නිදහස් නාවික ගමනා ගමනය තහවුරු කරලීම සදහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩපිළිවෙල පිළිබඳව අදාළ සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති බව සඳහන්ය.

එමෙන්ම කලාපීය ආර්ථික හා දේශපාලන ප්‍රවනතා පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය කොංග්‍රස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් අතර පැවැති සාකච්ඡාවේදී අදහස් හුවමාරු වී තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී රාහුල් ගාන්ධි මහතා ප්‍රධාන කොංග්‍රස් පක්ෂ නියෝජිතයින්ට ආරාධනයක් ද සිදු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

(අද දෙරණ)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top