nsb
Sathosa

බැසිල් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරලා ... බැසිල් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරලා ...
Oct 19, 2018

බැසිල් ජනපති තරඟයට වැඩ ! Featured

ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීමේ තරඟයට බැසිල් රාජපක්ෂ අවතීර්ණ වී ඇති බවත්, ඒ සඳහා ඔහු විසින් ගෝඨාභය රාජපක්ෂ මොඩලයේ විද්වතුන් එක් රැස්කර සම්මන්ත්‍රණ පැවැත්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් 'අනිද්දා' පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ විද්වත් සංවිධානයක් ආරම්භ කර එහි ආරම්භක සම්මන්ත්‍රණය ඔක්තෝම්බර් 14 වැනිදා ටාජ් සමුද්‍රා හෝටලයේ පවත්වා ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ එළිය හා වියත්මඟ සම්මන්ත්‍රණ මෙන් පොදුජන ඉංජිනේරු පෙරමුණේ සම්මන්ත්‍රණ මාලාවක් ඉදිරියේදී බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රටේ විවිධ ප්‍රදේශවල පැවැත්වීමට තීරණය කර ඇත.

ගෝඨා ගැන සඳහනක් නැහැ !

එම රැස්වීමට සහභාගි වූ කථිකයන් විසින් යුද්ධය අවසාන කිරීම සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන්ට ස්තූතිය පළ කරමින් අදහස් පළ කර ඇතත් ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව කිසිදු සඳහනක් කර නැත.

බැසිල් රාජපක්ෂ විසින් රටේ විශාල සංවර්ධනයක් සිදු කළ බවත්, රටේ අනාගත සංවර්ධනයට නායකත්වය දීම බැසිල් රාජපක්ෂ විසින් සිදු කළ යුතු බවත් එහිදී කියා ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයකු පැවසුවේ මහින්ද රාජපක්ෂ විසින් බැසිල් රාජපක්ෂව ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමේ වැඩි අවස්ථාවක් ඇති බවයි.

මේ වන විට බැසිල් රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ඕනෑම ආණ්ඩුවක සිටියයුතු දක්ෂ දේශපාලනඥයකු බවයි.

 සබැඳි පුවත් :

''බැසිල් ඕනෑම ආණ්ඩුවක සිටිය යුතු දක්ෂයෙක්'' - මංගල ගෙන් සහතිකයක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top