Oct 20, 2018

"කැබිනට් තොරතුරු එළියට දෙන ඇමතිවරු දෙක"

අමාත්‍ය මන්ඩලයේ සාකච්ඡා කළ කරුණු පිළිබඳව සාවද්‍ය පුවත් මාධ්‍යයට ලබා දුන් කැබිනට් ඇමතිවරු දෙදෙනකු පිළිබඳවමේ වන විට සැකයක් මතුව ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

මෙම තොරතුරු නිශ්චිතව අනාවරණය කරගත් පසු නාධිපතිවරයා ඔවුන් පිළිබඳව තීරණයක් ගනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

මාතර දෙවුන්දර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“දැන් පහුගිය දවස්වල ප්‍රවෘත්ති ප්‍රචාරය කළා... එතුමා ඉන්දියාවට විරුද්ධව චීනයට විරුද්ධව කටයුතු කරනවා, ඔවුන් යම් යම් ව්‍යාපෘති ක්‍රියාත්මකවනවා ට විරුද්ධව කැබිනට් එකේ කතා කළා කියලා. මේක ප්‍රචාරය කළා දැන් අපි හොයනවා... අපේ කැබිනට් එක ඇතුලේ ඉඳගෙන අනිත් පැත්තට වාසි දෙන ඇමැතිවරු කව්ද කියලා... මේ රජය අපහසුතාවයට පත්කරන ඇමතිවරු කවුද කියලා හොයාගන්න අපිට අපහසුතාවයක් නෑ…. දෙන්නෙක් එනම් පිළිබඳව කසුකුසුවක් යනවා…. මම හිතනවා මේ ඇමැතිවරු හෙළිදරව් කරගෙන කැබිනට් වගකීම ඇති ඇමතිවරු එළියට දාන වගකීමක් ජනාධිපතිවරයාට තිබෙනවයි කියලා අපි පැහැදිලිව කියනවා ඒ කටයුත්තට ජනාධිපතිවරයා අනිවාර්යෙන්ම මැදිහත් වෙන්න ඕන…. කියන්නේ ඉතාමත් වැදගත්..”


මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top