Oct 20, 2018

අංගම්මැඩිල්ල රක්ෂිතයේ ගස් කපා ප්‍රවාහනය කළ අයෙක් දැලේ (ඡායා)

ජාවාරම්කරුවන් පිරිසක් අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයෙන් වටිනා ගස් කපා ඉරා පොළොන්නරුව දෙසට ගෙනයමින් තිබියදී ගිරිතලේ හතරේ කණුව ප්‍රදේශයේදී පොළොන්නරුව දිසා දුෂණ මර්ධණ විශේෂ වැටලිම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව මේ වැටලීම සිදු කර ඇති අතර එහිදි එක් පුද්ගලයෙකු සහ කැබ් රථයක් ඇතුළු ලී තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

මෙසේ අත්ඩංගුවට පත්ව ඇත්තේ ගිරිතලේ නිකවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, කැබ්රථයේ අයිතිකරු ලෙස සදහන්ව ඇත්තේ සැකකරුගේ බිරිඳ නම බවද පැවසේ.

ඉරන ලද අඩි 18ක් පමණ දිග අගල් පහක් පමණ පළල දැව කදන් 60ක් පමණ අත්අඩංගුවට පත් වු බවත්, මෙම කැබ්රථයට ඉදිරියෙන් තොරතුරු සොයා බැලිම සදහා වෙනත් වාහනයක ගමන් කරමින් තිබු බවත් මෙම වාහනය අත්අඩංගුවට ගැනීමත් සමග එම වාහනය පලාගිය බව වැටලීම සිදුකල නිලධාරීන් ශ්‍රී ලංකා මිරර් වෙත කියා සිටියේය.

සටහන හා ජායාරූප - ඩබ්ලිව්.ඒ. පියතිලක
පොළොන්නරුව වාර්තාකරු

Angamedilla1

Angamedilla3

Angamedilla4

Angamedilla5

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top