මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ බෙලිඅත්ත, පුවක්දණ්ඩාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
"පසුගිය දිනවලදී පුවත්පත්වල පළ වුණා ජනාධිපතිතුමා ඉන්දියාවට හා චීනයට විරුද්ධව ප්‍රකාශයක් කළා කියලා. මේවා සම්පූර්ණයෙන් අසත්‍යයි. ඉන්දියාවේ වාර්තාකාරිනිය කියනවා ඇමැතිවරුන් හතර දෙනකු තමයි මේ තොරතුරු දුන්නේ කියලා. අපි දැන් හොයන්න ඕනෑ ඒ ඇමැතිවරුන් කවුද කියලා. අපිට සැක දෙන්නෙක් දැන් ඉන්නවා. මම ඉස්සරහට ඒ සැකය තහවුරු කරගත්තම කියන්නම්. එහෙම අයගේ තටු ගැලවීමේ වගකීම මේ රටේ ජනාධිපතිතුමාටයි අග්‍රාමාත්‍යතුමාටයි තියෙනවා. මොකද කැබිනට් මණ්ඩලයේ කතා නොකළ දෙයක් ගැන කතා කිරීම බරපතළ වැරැද්දක්.
ඒ වගේමයි කැබිනට් මණ්ඩලයේ දේවල් පත්තරකාරයන් එක්ක ගනුදෙනු කරනවා නම් ඒකත් බොහොම ලොකු වැරැද්දක්. අපිට වාර්තා වෙන ආකාරයට මේ තොරතුරු දෙන ඇමැතිවරුන් 'රෝ' ඔත්තු සේවයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වාර්තාකාරයන් හරහා 'රෝ' ඔත්තු සේවයත් එක්ක සම්බන්ධකම් තියෙන බව කියන අය ගැන වාර්තාවත් අපිට ලැබෙමින් පවතිනවා.
කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය ආරක්ෂා කිරීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. පත්තරේට බොරු කියලා රාජ්‍ය නායකයා රටත් එක්ක, ජාත්‍යන්තරයත් එක්ක තරහ කරන්නේ. එහෙම කුමන්ත්‍රණකාරයෝ ඉන්නවා නම් එහෙම අය එළවීමේ වගකීම අපේ නායකයන්ට තිබෙනවා" යැයිද ඔහු පැවැසුවේය.