nsb
Sathosa

Oct 22, 2018

නව අගවිනිසුරු ගෙන් සහතිකයක් ! Featured

විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමේදී පුද්ගලික කාරණා මත පක්ෂපාතීව කටයුතු කිරීමට තමන් කිසිඳු අවස්ථාවක ඉඩ ලබා නොදෙන බව නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා අවධාරණය කර සිටියි.

නව අගවිනිසුරුවරයා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද (22) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ දී පැවැත්වූ අතර එහිදී අගවිනිසුරුවරයා මේ බව කියා සිටියේය.

අධිකරණයේ ස්වාධීනභාවය හා ජන විශ්වාසය තහවුරු කිරීමට හේතුවන සියලු ක්‍රියාමාර්ග තමන් විසින් ගන්නා බව සඳහන් කල අගවිනිසුරුවරයා, විශේෂයෙන්ම දූෂණයෙන් තොර අධිකරණ පද්ධතියක් මෙරට ඇති කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද කියා සිටියේය.

පසුතැවිල්ලක ?

දුප්පත් ජනනාව වෙනුවෙන් ඔවුන් මුහුණ දී ඇති ගැටලූ තේරුම් ගෙන ඒ වෙනුවෙන් සේවය කිරීම තම අභිලාශය බව නව අගවිනිසුරුවරයා මෙහිදී සඳහන් කළේය.

දීර්ඝ කාලීනව නඩු කටයුතු ප්‍රමාද වීම නිසා ජනතාව අපහසුතාවයට පත්ව සිටින බව පැවසු අගවිනිසුරු වරයා, ඒ පිළිබඳවද තමන් පසුතැවිලි වන බවද කියා සිටියේය.

ආණ්ඩුව ලබා දිය යුතු සියලූ වරප්‍රසාද විනිසුරුවන් වෙත ලබා දී තිබෙන බැවින් කැපවීමෙන් කටයුතු කිරීම විනිසුරුවන්ගේ වගකීම බව අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේය.

වසර 38ක කාලයක් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ තමන් විවිධ අභියෝගවලටද මුහුණ දුන් බව නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා සඳහන් කළේය.

තමන් අගවිනිසුරු ධූරයට නම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටද සිය ස්තූතිය පළ කරන බව ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top