Oct 23, 2018

"අපි වෙනුවෙන් අපි" පෙන්වා IP දරුවෙකුට හදි කරයි

කළුතර දිස්‌ත්‍රික්‌කයේ පොලිස්‌ ස්ථානයක සේවයේ නියුතු පොලිස්‌ පරීක්‍ෂකවරයකු විසින් 15 හැවිරිදි පිරිමි දරුවකුට බරපතළ ලිංගික අතවරයක්‌ කිරීමේ සිද්ධියක්‌ පිළිබඳව පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

කළුතර පොලිස්‌ අධිකාරි කාර්යාලයට ඊයේ (22 දා) දහවල් ලැබුණු පැමිණිල්ලක්‌ අනුව කළුතර දිශාව භාර නියෝජ්‍ය පොලිස්‌පති රන්මල් කොඩිතුවක්‌කු, කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න යන මහත්වරුන්ගේ උපදෙස්‌ පිට මෙහි මූලික පරීක්‍ෂණ කටයුතු කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මිය විසින් පවත්වා ඇත.

මෙම පොලිස්‌ පරීක්‍ෂකවරයා ඉකුත් 20 වැනි දින "අපි වෙනුවෙන් අපි" වැඩසටහනට සහභාගි කර ගැනීමට දෙමාපිය අවසරය මත අනුරාධපුරයට රැගෙන ගොස්‌ ප්‍රදේශයේ විශ්‍රාම ශාලාවකදී ලිංගික අතවර කර ඇතැයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

අතවරයට පත් දරුවා වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා ඊයේ (22 දා) සවස කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම ලිංගික අතවර සිද්ධිය අනුරාධපුර නගරයේදී සිදුවී ඇති හෙයින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා පැමිණිල්ලේ උදෘත අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා වෙත ෆැක්‌ස්‌ මගින් යවන ලද බව පොලිසියේ උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

මෙම සැකකාර පොලිස්‌ පරීක්‍ෂකවරයා දෙදරු පියකු වන අතර ඔහුගේ බිරිඳ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ උසස්‌ නිලධාරිනියක්‌ බවද පොලිස්‌ ආංරචි මාර්ග සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top