Oct 23, 2018

හලාවත මන්ත්‍රීන්ගේ ඉන්ධන දීමනාව පාරමීට

තමන්ට ලැබුණු රුපියල් 3000 ක් වන ඔක්තොම්බර් මස ඉන්ධන දීමනාව යොවුන් ඔලිම්පික් ක්‍රීඩා තරගයේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩාව වෙත ලබාදීමට හලාවත ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරුන් කටයුතු කර ඇත.

ඒ අනුව හලාවත ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 31 දෙනා තම මාසික ඉන්ධන දීමනාව ඇය වෙත ලබාදීමට කටයුතු කර ඇත.

පාරමී ක්‍රීඩිකාව පදිංචිව සිටින හලාවත - අඹකදවිල නිවසට යන මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දීමටත්, එම මාර්ගය ඇය නමින් නම් කිරීමටත් පසුගිය මාසික සභා රැස්වීමේදී තීරණය කළ බව හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සිල්වා මහතා පැවසීය.

සටහන - ජුඩ් සමන්ත - පුත්තලම

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top