Oct 24, 2018

BOI සභාපති හේමසිරි ප්‍රනාන්දු !

මහජන බැංකුවේ සභාපති ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මහජන බැංකුව සහ ලංකා බැංකුව යන ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා පසුගියදා 17දා කල දැනුම් දීමට අනුව, හේමසිරි ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ සභාපති ධුරයෙන් ද දුමින්ද රත්නායක මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයෙන් ද වහාම ඉල්ලා අස්විය.

හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසද කටයුතු කරයි.

 සබැඳි පුවත් :

'BOI අධ්‍යක්ෂ මණ්ඩලයේ හොරු නැහැ' - ඇමති මලික් කියයි

ආණ්ඩුවේ අර්බුදය පුපුරා යයි : ජනපතිගේ තීරණයට එජාපය එරෙහිවේ !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top