ඒ නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
ද හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිණිය වන මීරා සිරිනිවාසන්ගේ කැබිනට් සාකච්ඡාව වාර්තාකරණයට අදාළව ආණ්ඩුව සහ ආණ්ඩු හිතවාදීන් එල්ලකරණ චෝදනා පිළිතුරුදීමේ අයිතියෙන් ඔබ්බට ගොස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා මාධ්‍ය නිදහසට කරන බලපෑමක් දක්වා වර්ධනය වී ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල රැස්වීමකදී තමා ඝාතනය කිරීමට ඉන්දීය රෝ ඔත්තු සේවය කටයුතු කරන බවට ප්‍රකාශ කළේ යැයි මීරා සිරිනිවාසන්ගේ නමින් හින්දු පුවත්පතේ ප්‍රවෘත්තියක් පළවූ අතර එය ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේවෙතත් හින්දු පුවත්පත ඇමතිවරුන් සිව් දෙනෙකුම මෙම පුවත තහවුරු කළ බවට වන ස්ථාවරයක සිටියි.
මේ අතරතුර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ජනහමුවක් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමතිවරු සිව් දෙනෙක් හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනිය හරහා රෝ සංවිධානය සමග සබඳකම් පවත්වමින් තොරතුරු ලබාදෙන බවයි.
මෙය මාධ්‍යවේදීන්ට , විශේෂයෙන්, හින්දු පුවත්පතේ කොළඔ වාර්තාකාරිණියට පදනම් විරහිත චෝදනා නගමින් බලපෑම් කිරීමක් වන ලෙස හඳුනාගන්නා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇයට සිය මූලාශ්‍ර හෙළිනොකිරීමට ඇති අයිතිය පිළිගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
මෙම සිදුවීම ජනමාධ්‍යවේදීන්ගේ විශේෂයෙන් මෙරට සිටින, විදෙස් මාධ්‍ය වෙනුවෙන් වාර්තාකරණයේ නියැලෙන වාර්තාකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සංවේදී කරුණක් ද වන හෙයින් මේ පිළිබඳ වඩාත් වගකීම් සහගතව කටයුතු කරන ලෙසට ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අදාළ සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියි.
කැඳවුම්කරු
සි.දොඩාවත්ත
ලේකම්
දිලීෂා අබේසුන්දර