Pasidol
Sathosa Ad Final Sinhala
Dec 31, 2016

සීමා නිර්ණය වාර්තාවට කොමිෂන් සභා සාමාජිකයෝ අත්සන් තබති

අවසන් කරන ලද මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් වාර්තාවට එහි සාමාජිකයන් අද (31) අත්සන් තැබූ බව එම කොමිෂන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතා ශ්‍රී ලංකා මිරර් වෙත කියා සිටියේය.

මේවන විට පළාත් පාලන සහ පළාත් සභා පිළිබඳ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මක්කම වන්දනාවේ ගොස් ඇති බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉවත්වී සිටීම නිසාත්, ලබන සඳුදා දිනයේදී අදාළ වාර්තාව එම අමාත්‍යංශයේ ලේකම්වරයාට භාරදීමට නියමිත බවත් ඔහු කියා සිටියේය.

එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සාලිය මැතිව්, මිස්බා සතාර්, උපුල් කුමරප්පෙරුම සහ මහාචාර්ය බාලසුබ්‍රමානියම් පිල්ලේ කටයුතු කරනු ලබයි.

ඔවුන් ද අද දිනයේදී අදාළ වාර්තාවට අත්සන් තැබූ බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top