Oct 25, 2018

ගංජා ගොවියෙක් අත්අඩංගුවට

මැදිරිගිරියේ දියසේනපුර ප‍්‍රදේශයේ ගොවියෙකු කලක පටන් ඉතා සුක්ෂම ලෙස තම නිවසේ මල් පෝච්චි තුළ ගංජා වගා කර තිබියදී ලද තොරතුරකට අනුව එම ගොවියා අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.

පොලිසිය නිවස පරික්ෂා කිරීමේදී වේලා පදමි කරන ලද ගංජා කිලෝ එක හාමරක් සමග ගංජා ගස් හතරක් හමුවී ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදිරිගිරිය රත්මල්යාය දියසේන්පුර ප‍්‍රදේශයේ පදිංචි විවාහක තිදෙරු පියෙකි. මැදිරිගිරිය පොලිස්ථානාධිපති තුමාට ලද තොරතුරක් අනුව මෙම නිවස පරික්ෂා කිරීමේදී නිවස තුළ පදම් කරන ලද ගංජා කිලෝ එක හමාරක් සහ ගෙවත්ත පරික්ෂා කිරීමේදී කප්පාදු කරන ලද ගංජා ගස් හතරක් හමුවී ඇත.

තමන් මීට අවුරුදු දෙකකට කලින් මෙම ගංජා ගස් වගා කළ බවත් කිහිපවතාවක් අලෙවි කළ එම ගොවියා පොලිසියට පවසා තිබේ.

පොළොන්නරුව කොඨිඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ ජී ධම්මික විරසේකර මහතාගේ උපදේස් පරිදි මැදිරිගිරිය පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක වසන්ත පිටිගල මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් 61548 දිසානායක 69858 සමිර 62166 නිහාල් පොලිස් රියදුරු 13104 මොහාන් සිවිල් ආරක්ෂක සෙබළ 08246 මහින්ද 010571 සුජිව යන නිලධාරින් මෙම වැටලීම සඳහා සහභාගි වී ඇත. සැකකරු සහ අත්අඩංගුවට පත් ගංජා අද (25) දින හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන බව මැදිරිගිරිය පොලිසිය පවසයි.

සටහන සහ ඡායා -ඩබ්. ඒ. පියතිලක - හිඟුරක්ගොඩ

Cennabise2

Cennabise3

Cennabise4

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top