Oct 25, 2018

''ජනාධිපති - අගමැති අතර කිසිම ගැටුමක් නෑ''- ඇමති ගයන්ත කියයි

ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා අතර කිසිම මත ගැටුමක් නැති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මෙවර 5 වසර ශිෂ්‍යත්වය සමත් ගාලු දිස්ත්‍රික්කයේ දරු දැරියන් ඇගයීමේ උත්සවයක් පසුගියදා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්වුණු අතර එම උත්සවයෙන් අනතුරුව මෙහිදී මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා එබව කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ අද විශාල පිපිරීම හා අසමගියක් ඇතිවී ඇති බවත් අපි ආණ්ඩුවක් වශයෙන් ඉදිරියට යන බවත් ඔවුන් දවසින් දවස බේද හදාගෙන කුලල් කමින් සිටින බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top