Sathosa

''නාලක අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ''  ''නාලක අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ'' 
Oct 26, 2018

''නාලක අත්අඩංගුවට ගැනීම නීති විරෝධියි - ජනාධිපති ඝාතනයක් ගැන හඬපටයේ නැහැ''  Featured

ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම මුළුමනින්ම නීති විරෝධිබව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අජිත් පතිරණ මහතා පවසයි.

එසේම මේවනවිට කොටි සංවිධානයේ ක්‍රියාකාරිකයකුට එරෙහිව හෝ යොදා නොගන්නා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීම බරපතල කාරණයක් බව ද ඔහු කියා සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25) රාත්‍රී නාලක ද සිල්වා මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියගේ අතුරුගිරියේ පිහිටි නිවසට රැගෙනවිත් චෝදනා ගොනුකළ අවස්ථාවේදී නීතිඥ අජිත් පතිරණ මහතා එබව අවධාරණය කර තිබේ.

කෙසේවුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත්කල කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය නාලක ද සිල්වා මහතා නොවැම්බර් 07 දක්වා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබිය.

රස පරීක්ෂකගේ වාර්තාව :

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී නීතිඥ අජිත් පතිරණ මහතා මෙසේ අදහස් දැක්විය.

''නාලක ද සිල්වාට එරෙහිව තියන්නේ සාක්ෂි දෙකයි. එකක් පැමිණිලිකරුගේ සාක්ෂිය. අනෙක හඬපට සම්බන්ධ රසපරීක්ෂක වාර්තාව. 

රසපරික්ෂකගේ වාර්තාවේ පැහැදිලිව කරුණු තුනක් සඳහන් වෙනවා. පළමු කාරණය හඬපට සංස්කරණය කර තියන බව. දෙක ඒ සඳහා 'ඔටෝ කටර්' කියන 'සොෆ්ට් වෙයාර්' එක යොදාගෙන තියන බව. අනෙක් කාරණය තමයි මේවා හරියටම පරික්ෂා කරන්න තම ආයතනයට තාක්ෂණික උපකරණ නැහැ කියන සඳහන ..

ඔය කියන කතාව රෙකෝඩ් කරලා තියන්නේ 2018 සැප්තැම්බර් 09 වෙනිදා . එත්, සිද්ධිය වෙලා තියන්නේ ඊට ඉස්සෙල්ල. 

සාක්ෂි අඥාපනතේ 2005 අංක 14 සංශෝධනයට අනුව හඬපටයක් සාක්ෂියක් වශයෙන් යොදා ගැනීමට අදාල නීතිමය ප්‍රතිපාදන පැහැදිලිව සඳහන් වෙනවා. ඒ අනුව සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන රෙකෝඩරය සමකාලින නැත්නම් ඔර්ජිනල්ම රෙකෝඩරය විය යුතුයි. කපල කොටලා එඩිට් කරලා තියෙන්න බැහැ. සාක්ෂිකරුම පිලිගන්නවා මේක එඩිට් හඬපටයක් බව. ඒ ගැන රස පරීක්ෂකගේ වාර්තාවෙත් පැහැදිලිව සඳහන් වෙනවා.

ඒ නිසා නාලක ද සිල්වා මහතාට එරෙහිව සාක්ෂියක් විදියට මේ හඬපට යොදා ගන්න පුළුවන්කමක් නැහැ.

ajith

 ''හඬපටයේ ඝාතන කතාවක් නැහැ : පැමිණිලිකරු බොරුකාරයෙක් '' - අජිත් පතිරණ 

අනෙක වැදගත්ම කාරණය මෙම කිසිඳු හඬ පටයක ජනාධිපතිතුමා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමක් ගැන සඳහන් වෙන්නේ නැහැ. කුමන්ත්‍රණ කතාවක් නැහැ .. මේවා පට්ටපල් බොරු කතා...

නාලක සිල්වා මහතාට එරෙහිව යොදාගෙන ඇති දෙවෙනි සාක්ෂිය තමයි, දූෂණ විරෝධි පෙරමුණේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා කියන කතාව. 

ඔහු කියනවා ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් තිබුණා කියලා. ඕන කෙනෙකුට කතා කියන්න පුළුවන්. එත් ඒවා අධිකරණය හමුවේ තහවුරු කල යුතුයි.

මෙහිදී මම පැමිණිලිකරුගේ විශ්වසනීය භාවය පිලිබදව මහේස්ත්‍රත්තුමියගේ අවධානය යොමුකළා. මොහු හොර සහතික දීලා ගුවන් හමුදාව බැදිච්ච කෙනෙක්. මෙය ගැන මගේ ළඟ තව තොරතුරු රැසක් තියනවා. මම ඔහු ගැන තොරතුරු රැසක් තොරතුරු දැනගැනීමේ පනත RTI යටතේ එකතුකර ගත්තා. ඒවා අධිකරණයට ඉදිරිපත් කරනවා. එතකොට කාටකාටත් බලාගන්න පුළුවන් මෙයා කව්ද කියලා ..

දැන් බලන්න මේ සාක්ෂිකරුම කියනවා සිද්ධියට අදාල  දිනවකවානු එයට මතක නැහැ කියල, ඉතින් මේවගේ පුද්ගලයෙක්ගේ කතාවක් අහල නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම බලවත් වරදක්.

ASP ප්‍රසන්න අල්විස් :

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාලක ද සිල්වාට එරෙහිව ගොනුකර ඇති අනෙක් කාරණය තමයි, සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් තිබුන බවට නාමල් කුමාර කියන කතාවට අදාලව සිදුකල විමර්ශන වලදී ඔවුන්ගේ දුරකතන තිබු ස්ථාන 'ටැලි' වෙන බව. විදුලි සම්ප්‍රේෂණ කුලුනුවලින් එබව අනාවරණය කරගෙන තියනවා ලු. 

එක කාටවත්  රහසක් විය යුතු කාරණයක් නෙමෙයි, මොකද නාලක සිල්වා ඉන්නෙත්  ප්‍රසන්න අල්විස් ඉන්නෙත් එකම ප්‍රදේශයේ ප්ලැට් එකක. 

එනිසා සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් තිබුන කියල ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීම බරපතල කාරණයක් ...''

සබැඳි පුවත් :
''නාමල් කුමාර බොරුකාරයෙක්: නාලකට එරෙහි චෝදනා බොරු'' (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top