Sathosa

Oct 26, 2018

"නව නිපැයුම්කරැවන්ගේ දිනය" අද ජනපති ප්‍රධානත්වයෙන්

අදට (26) නියමිත "ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනය" හා බැඳි ජාතික උත්සවය අද පස්වරු 1.00 සිට 6.30 දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය්දී පැවැත්වේ.

මෙරට නව නිර්මාණ ක්ෂේත්‍රයේ සුවිශාල මෙහෙයක් සිදුකළ දේශබන්දු ආචාර්ය ඒ. එන් .එස් කුලසිංහ මහතාගේ ජන්ම දිනයට සමගාමීව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් මෙම අනුස්මරණ දිනය ප්‍රකාශයට පත්කරන ලදි.

මෙහිදී පසුගියදා පැවති "සහසක් නිමැවුම් 2018" නව ජාතික නිපැයුම් තරඟාවලියේදී ජයග්‍රහණය ලැබූ තරඟකරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමට නියමිත අතර 2015 සහ 2016 වර්ෂ සඳහා නව නිපැයුම්කරුවන්ට ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීමටද නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top