Oct 27, 2018

ප්‍රජාතන්ත්‍රවාදී ලංකා ඉතිහාසයේ ශෝචනීයම අවස්ථාවක් - සජිත්

මේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාත්මක වූ ක්‍රියාවලියක් බවත්, මෙය ප්‍රජාතන්ත්‍රවාදී ලංකා ඉතිහාසයේ ශෝචනීයම අවස්ථාවක් බවත් සජිත් ප්‍රේමදාස මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අගමැතිවරයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය ගැන කළ විමසීමකදීය.

තමාට කිවහැකි එකම දේ වන්නේ සත්‍යය ජය ගන්නා බවයි යැයිද හෙතෙම කීය.

අපගේ සංවර්ධන කටයුතු සියල්ල අඩාල වී ඇතැයිද ඒ මහතා කියා සිටි අතර අද හෙට සහ අනිද්දා උදාගම් 50 ඉදිකිරීම සඳහා කටයුතු යොදමින් තිබූ බවද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

වීඩියෝ අනුග්‍රහය - නිවුස් ෆස්ට්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top