Sathosa

Oct 27, 2018

''කුමන්ත්‍රණය අසාර්ථකයි, 113 අගමැති රනිල් අතේ'' - මංගල කියයි

යහපාලන ආණ්ඩුවට එරෙහි ව්‍යවස්ථා කුමන්ත්‍රණය අසාර්ථක වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රී සංඛ්‍යාව වන 113, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සතු බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග තවත් පක්ෂ ගණනාවක මන්ත්‍රීවරුන්, අග්‍රාමාත්‍යවරයාට පළකරන සහාය දිගටම පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව සමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

කතානායකවරයා පාර්ලිමේන්තුව රැස්කළ වහාම බහුතරය පෙන්වීමට සූදානම් බව ඔහු පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top