Oct 29, 2018

"තෙල් සංස්ථාවේ මොකද වුණේ" (වීඩියෝව) Featured

ලංකා ඛනිජ තෙල් සංස්ථා මූලස්ථාන පරිශ්‍රය තුළ පුද්ගලයකු මිය යාමට හේතුවූ සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතා හෙළිදරව්වක් සිදු කර තිබේ.

ඔහු කියා සිටින්නේ තමා විදේශගතව සිට ලංකාවට පැමිණි පසු අමාත්‍යංශ ලේකම්වරයාද දැනුවත් කර තම නිල නිවසේ යතුර ලබා ගැනීමට දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථාන පිරිශ්‍රයට ගිය පසු එහි සිටි ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු බව කියන කුලතිස්ස ගීගනගේ නැමැත්තා බීමතින් පැමිණ තමාට බැණ වැදුන බවයි.

පසුව ඇමති ආරක්ෂකයින් ඔහු සිටි තැනින් එළියට දැමූ බවත්, පසුව වැඩ තහනමට ලක්වූ ලංකා ඛනිජ තෙල් සංස්ථා සෙවකයකුගේ මෙහෙයුම මත සිදුවූ කලහකාරී තත්ත්වය නිසා මේ අවාසනාවන්ත සිදුවීම සිදුවූ බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top