Oct 31, 2018

"සම්බන්ධන්  විපක්ෂනායක ධුරයෙන් ඉවත් කරන්නේ නැහැ" - ඩලස් 

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදහස් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම  මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අගමැති කාර්යාලයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


පාර්ලිමේන්තුව කල් තැබීම සම්බන්ධයෙන් විදෙස් බලවේග සිදු කරන ප්‍රකාශ පිළිබඳ කණගාටුව පළ කරන බව ද ඔහු එහිදී කියා සිටියේය. 

''05 වෙනිදට තිබ්බ පාර්ලිමේන්තු රැස්වීම 16 වෙනිදට කල් තිබ්බා, දවස් 11ක් විතරයි. වික්‍රමසිංහ මහත්තයට පේන එක හරි. නමුත් මේ බටහිර රටවල් ඇයි රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ ගැන මෙතරම් උනන්දු. වසර දෙකහාමාරක් පළාත් සභා මැතිවරණය කල් දාලා තිබ්බා. මේ රාජ්‍ය දෙපාර්තමේන්තු හෝ සංගම් වලින් ඒ ගැන අහලා එක ලියුමක් එව්වේ නැහැ. බටහිර රටවල් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන එයාලා සහතික දෙන්න හදන්නේ ඇයි? ''මන්ත්‍රීවරය එම මාධ්‍ය හමුවේදී විමසා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top