Sathosa

Oct 31, 2018

''ජාත්‍යන්තර සම්බාධක කතා බොරු' - ඒකාබද්ධයේ වියතුන් කියති

 

ජැමෙයිකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහනාමහේවා මහතා පවසන්නේ, නව ආණ්ඩුව පිහිටවූ ආකාරය නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් සම්බාධක පැනවෙනු ඇතැයි ඇතැම් පිරිස් ඉදිරිපත් කරන අදහස් ජනතාව මුලා කිරීමක් බවයි.

'නෙත් නිවුස්' වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ස්වාධීන රාජ්‍යයක සිදුවන දේශපාලන පෙරළි සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට සරලව මැදිහත් විය නොහැකි බවයි.

ඇති වී තිබෙන දේශපාලන ව්‍යාකූලතාව නිසා ශ්‍රී ලංකාවට සාම සාධක හමුදාවක් ගෙන්වා ගැනීමට ඇතැම් පිරිස් උත්සහ කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ද නීතිඥ ප්‍රතිභා මහනාමහේවා මහතා මෙහිදී එසේ ප්‍රතිචාර දැක්විය.

ලංකාවේ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය මත සාම සාධක හමුදාවක් ගෙන්විය නොහැකි බවත් එය දීර්ඝ ක්‍රියාදාමයක් බවත් ඔහු සඳහන් කළේය.

''හිතවත්ව සිදු කරන මැදිහත්වීම් නොවේ''

මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා ගෙන් කල විමසීමට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව කෙරෙහි ඇතැම් රටවල් දැනට කරමින් සිටින මැදිහත්වීම් ශ්‍රී ලංකාවට හිතවත්ව සිදු කරන මැදිහත්වීම් නොවන බවයි.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව වැනි රටවල් මේ ආකාරයේ බලපෑම් කරන්නේ ශ්‍රී ලංකාව ඔවුන්ට පාලනය කළ හැකි තත්ත්වයක තබා ගැනීමට බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට එරෙහිව මෙම අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කිසියම් යෝජනාවක් ඉදිරිපත් වුවද එවැනි යෝජනාවක් පවා සම්මත නොවනු ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කළේය.

ඒ අනුව සම්බාධක පිළිබඳ මතු කරන බිය ජනතාව මුලා කිරීමක් බව පැවසු මොන් සමරනායක මහතා, නිවැරදි විදේශ ප්‍රතිපත්ති මගින් ජාත්‍යන්තර අභියෝග ජයගත හැකි බවද මෙහිදී කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top