Nov 01, 2018

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ධර්ම ශ්‍රී යටතට !

අගමැති කාර්යාලය යටතේ '‍විසුම්පාය' පරිශ්චය තුල ක්‍රියාත්මක වූ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය (NMC) ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානි ධර්මශ්‍රී ඒකනායක මහතා යටතට පත්කර ඇත.

ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම සිදුකර ඇති අතර එම ආයතනය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැසට් කිරීමට ද කටයුතු කර තිබේ.

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ධර්මශ්‍රී ඒකනායක මහතා ද කටයුතු කළේය.

මේ වනවිට එම ආයතනයේ මාධ්‍යවේදීන් 30 ක පමණ පිරිසක් සේවය කරනු ලබන අතර ඔවුන්ගේ සේවා සුරක්ෂිත භාවය සහතික කරන බවට ධර්මශ්‍රී ඒකනායක මහතා සහතික වී ඇත.

 ලේක්හවුසියට දිනේෂ් : ශාන්ත බණ්ඩාර යළි සැලසිනේ ට

Dinesh Shantha 670px 01 11 18

මේ අතර ජනාධිපතිවරයා විසින් ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක වශයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයකු වන නීතිඥ දිනේෂ් දොඩංගොඩ මහතා ද, සැලසිනේ ආයතනයේ සභාපති ලෙස එහි හිටපු සභාපතිවරයකු වන ශාන්ත බණ්ඩාර ජයවර්ධන මහතාව පත්කර ඇත.

අනෙකුත් රාජ්‍ය මාධ්‍ය ආයතනවලද ප්‍රධානින් ලෙස තමාගේ හිතවතුන් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top