Sathosa

Nov 01, 2018

''ජනතා බලය විශ්වාස නොකලොත් බෙල්ල කැපේවි'' බාහු, රනිල්ට කියයි (VIDEO)

ශ්‍රී ලංකාව වැටී ඇති දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඇති කැපවීම ප්‍රදර්ශනය කර ඇති  ජනතාව කෙරෙහි විශ්වාසය නොතබා මහින්ද-මෛත්‍රී දෙදෙනා සමග ඉන්නා නීතිඥයන් කරන යෝජනා පිළිගතහොත් රනිල් වික්‍රමසිංහට මහත් විනාශයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට නවසමසමාජ නායකයා අනතුරු අඟවයි.

පාර්ලිමේන්තුව විවෘත කරවා ගැනීමෙන් පසු මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන අයවැය යෝජනා පරදවා බලය තහවුරු කරගන්නා ලෙස යෝජනා කොට ඇති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂව,  ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසින් හඳුන්වා දෙන ලද්දේ “නීතිය නවන, අමුණන නීති බාස් කෙනෙක්” ලෙසයි.

“නීති බාස්ලාගේ වැඩේ පිලි අරගෙන ඒකට ඔලුව දාන්න ගියොත් එහෙම, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බෙල්ල අනිවාර්යයෙන්ම කැපිලා යනවා,” යි ආචාර්ය වික්‍රමබාහු රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ දී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

මෛත්‍රී - මහින්ද බියකරු ගමනක :

පාර්ලිමේන්තුව කැඳවා අගමැති කව්දැයි තීරණය නොකොට, අතුරු සම්මත ගිණුම් වාර්තාවක් වෙනුවෙන් ඡන්ද විමසීමට ගෙන එන යෝජනාවෙන් ප්‍රකාශ වන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය බිඳ දමා  බියකරු ලෙස යන ගමන නැවත්වීමට මෛත්‍රී-මහින්ද එකතුව සුදානම් නැති බව යයි ඔහු ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව නොතකා යන ගමන වැලැක්වීමට ජනතාව සුදානම් බවට විශ්වාසය පල කළ වික්‍රමබාහු කරුණාරත්න ඒ සඳහා වැඩ වර්ජනයක් මුල් කරගත් මහජන කැරැල්ලක් යෝජනා කරයි.

ඒ අනුව, “නීති බාස්ලා” ගේ උපදෙස් පිළි නොගෙන ජනතාව විශ්වාසයට ගන්නා මෙන් නවසමසමාජ නායකයා රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය.

වීඩියෝ 


(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top