Nov 03, 2018

අරුන්දික, නිරෝෂන්, පියල් NMC ට කඩා වැදී යකා නටයි ! Featured

අගමැති මාරුවෙන් පසුව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානි ධර්මශ්‍රී ඒකනායක මහතා යටතට පත්කරන ලද ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය (NMC) වෙන අද පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පිරිසක් කඩා වැදී එහි සේවකයන් බියගන්වමින් කටයුතු තිබේ.

මේ කඩා පැනීමට පියල් නිශාන්ත හා නිරෝෂන් ප්‍රේමරත්න යන මන්ත්‍රීවරුන්ද සුධර්මන් රදලියගොඩ මහතා ද එක්ව ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන්, එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ විසුම්පායේ පවත්වාගෙන ගිය ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය මගින් මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීම් සිදු කර ඇති බවයි.

රනිල්ගේ මඩ ව්‍යාපාරය තිබුණු ස්ථානය - අරුන්දික

එහිදී අරුන්දික ප්‍රනාන්දු මහතා කියා සිටියේ. මෙය සම්පූර්ණයෙන්ම භාවිතා කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මඩ ව්‍යාපාර සඳහා බවයි. මංගල සමරවීර ඇතුළු කණ්ඩායම මාධ්‍ය භාවිතා කරමින් මේ ස්ථානයේ සිට මඩ ව්‍යාපාර දියත් කර ඇති බව ඔහු කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ දක්වාම මෙහි සිට මඩ ගසා ඇතැයි ඔහු පවසා සිටියේය.

FCID යට බොරු සාක්ෂි හැදුවේ මෙතන - නිරෝෂන්

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බොරු සාක්ෂි සාදා ඇත්තේ මෙතැන සිට යැයි නිරෝෂන් ප්‍රේමරත්න මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේය.

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවුයේ අදාළ ස්ථානය මුලින් පාලනය කර ඇත්තේ අගමැති කාර්යාලයෙන් බවත්, පසුව එය ජනාධිපති කාර්යාලයට පවරාගෙන ඇති බවයි.

අගමැති මාරුවෙන් පසුව එහි පාලක සභාවේ ප්‍රධානියා වූ ඉමිතියාස් බකීර් මාකර් මහතා එම තනතුරෙන් ඉවත්කර ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානි ධර්මශ්‍රී ඒකනායක මහතා පත්කර ඇති බවයි.

ධර්මශ්‍රී මහතා එය ආරම්භ කළ අවස්ථාවේ සිට එම පාලක සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති බවත් මේ අතර වාර්තා වේ.

සබැඳි පුවත්
ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ධර්ම ශ්‍රී යටතට !

 

 

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top